FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මේ සතියේ..

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට නියමිතය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ, 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කරන බවයි.
මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 25,000 කට අධික බවද එම කොමිසම සඳහන් කළේය.
මේ වන විටත් අයදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද වාර්තාවේ.