FAST NEWS

24×7 Around the Globe

අපරාධ රැසකට සම්බන්ධ ‘ඩීලා’ අත්අඩංගුවට..

අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා හෙවත් ‘ඩීලා’ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
එම කොට්ඨාශයට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී මීගොඩ , ගොඩගම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ඒ සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 7ක් සහ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
38 හැවිරිදි එම සැකකරු අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.