FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක් දියත් කරයි..

තලවතුගොඩ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපිට මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සත්‍යග්‍රහයක් දියත් කර ඇත.
සම්මුඛ පරීක්ෂණ පවත්වා ළමාරක්ෂක අධිකාරියේ ළමා සංවර්ධන නිලධාරීන් ලෙස තෝරාගත් උපාධිධාරීන් පිරිසකට මෙතෙක් පත්වීම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මාස 07ක් පුරාවට මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද කර ඇති බව එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් සඳහන් කළහ.