FAST NEWS

24×7 Around the Globe

මුහුද රළුයි…ධීවරයන්ට අනතුරු ඇගවීමක්

අද (25) දිනයේදී සහ හෙට (26) දිනයේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3ත්, 3.5ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ තත්ත්වය නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර, ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
පුත්තලම සිට මීගමුව, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.