FAST NEWS

24×7 Around the Globe

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදුන් ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය..

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබා දී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කරයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව මෑත කාලයේ දී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5ක් එක් දිගට හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබු පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙනු ඇත.
ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ණය ලබා ගත් කාන්තාවන්ට මෙම සහනය සැලසේ.