FAST NEWS

24×7 Around the Globe

ගෘහ සේවිකාවන්ට නිල ඇඳුමක් හඳුන්වාදී නැහැ…විදේශ සේවා කාර්යාංශය

විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බඳවාගන්නා ගෘහ සේවිකාවන් හට හෝ වෙනත් කිසිදු ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මේ සම්බන්ධව පලවී ඇති විවිධ ප්‍රචාරයන් පිළිබදව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.
මෙරටදී ලබාදෙන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සඳහා පිටත් වනවිට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරනු ලබන බවත් කාර්යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.