FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරු අධිකරණයකින් ලාංකිකයන් 03කට සිරදඬුවම්..

සිංගප්පූරු අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට මාස අටක සිරදඬුවමක් පමුනුවා ඇත.
ව්‍යාජ ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් මෙම සිරදඩුවම පනවා ඇති අතර ජුලි 20 දා සිට මෙම දඩුවම ක්‍රියාත්මක වනු ඇත.
මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ නල්ලියා සෙල්වමානි රොහාන් (26), කන්තනාදන් ජස්තිරන් (23), රොපෑන් ඩයස්පෙරිසන් (20) යන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුටය.
විදේශ ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ වරදකට පුද්ගලයෙකුට සිංගප්පුරු ඩොලර් 10,000 දක්වා දඩයක් හෝ වසර 10ක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකි බව එරට ආගමන විගමන ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.