FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නියම කෙරේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන ඔක්තොම්බර් 09 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම අධිකරණය අද (24) සිතාසියක් නිකුත් කළේය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට කටයුතු කළේ යැයි චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණී.
අදාළ නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි පළවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කිහිප වතාවක්ම සිතාසි නිකුත් කර තිබුණී.
DE සිල්වා