FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී මුදල් සමග සැකකරුවන් 02ක් කටුනායකදී අල්ලයි..

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට නීති විරෝධී මුදල් තොගයක් චීනයට රැගෙන යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සතුව තිබී විදෙස් මුදල් ඇතුළුව රුපියල් 17,713,793 ක් වටිනා මුදල් තොගයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් 43 සහ 32 වයස්වල පසුවන අය වන අතර ඔවුන් අකුරණ සහ පාමංකඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය.
D.Undugoda