මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මැතිවරණය අවසන්වනතුරු ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපාලකයන් නොගෙන්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
බදාදා (11) හිටපු ඇමැති විමල් වීරවංශට සහ ඔහුගේ බිරියට ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද කළ කැඳවීම අවලංගු කළ බව ද ඒ මහතා පවසයි.







