ඌව පළාත් හිටපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු විපක්ෂයේ අසුන් ගෙන ඇති බව එම පළාත් සභා ආරංචි මාර්ග පවසයි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අමතරව කුමාරසිරි රත්නායක සහ සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව මෙසේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකිරීමට තීරණය කොට ඇත.
ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පසුගිය 18දා තඹුත්තේගමදී සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමක් වශයෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවත් පැවසේ.
දසනායක මහතා පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඌව පලාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයැද සිටියද මෙම මන්ත්‍රීවරුන් ස්වාධීනව ක්‍රියාකිරීමේ තීරණය වෙනසක් කොට නැති බව වාර්තා වෙයි.
එමෙන්ම ඌව පලාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මහ ඇමතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පෑමක් ලෙස කළු පටි බැද සභාවාරයට සහභාගී වි ඇති බවද පැවසේ.
DE සිල්වා








