FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය වර්ජනයකට සැරසෙයි..

ලබන බදාදා (25) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක් ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් වැළකී සිටින බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි.
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඩීසල් ප්‍රවාහනය කිරීමේ ගාස්තු වැඩි නොවීම නිසා අද (23) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කරන බවත් එහිදි ඊට විසඳුම් නොලැබුණහොත් මෙම වර්ජනය සිදු කෙරෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.
ඉන්ධන මිල වැඩිවීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනයේදී පෞද්ගලික තෙල් ටැංකි හිමියන්ට පාඩු සිදුවූ බව දැනුම් දීමත් සමග ඛනිජ තෙල් නීතගත සංස්ථාව ඉකුත් 19 දා සිට ඉන්ධන ප්‍රවාහනයේ යෙදී සිටින පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝමීටරයකට ගෙවන දීමනාව වැඩිකිරීමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ නමුත් මෙම වැඩිකිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හා ඇමැතිවරයාව නොමඟ යවමින් තොරතුරු ලබාදීම සඳහා තමන්ට පාඩු සිදුවනඅයුරින් මිල වැඩිකර ඇතැයිද එම සංගමය පෙන්වා දෙයි.
DE සිල්වා