FAST NEWS

24×7 Around the Globe

දුම්රිය තාක්ෂණ සේවයේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

දුම්රිය තාක්ෂණ සේවයේ නිලධාරීන්ට ඇති වී තිබෙන දිරිදීමනා ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඊයේ(22) මධ්‍යම රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර ඇත.
අදාළ ගැටලු විසඳන තෙක් දුම්රිය එන්ජින් පරීක්ෂා කිරීම්වලින් ඉවත්වන බවත් සේවාවට අයත් අනෙක් රාජකාරී දෙපාර්තමේන්තු නීතිරිතිවලට අනුව පමණක් සිදුකරන බවත් මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බවත් දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් මහතා සදහන් කර සිටියි.
වැටුප් හා දීමනා ගැටලු විසඳීමට කටයුතු නොකිරීම, පැය 08 වැඩ දිනය ලබා නොදීම හා දුම්රිය සේවාව පෞද්ගලිකකරණය කිරීමට ගන්නා උත්සාහයන් පරාජයට පත් කිරීම මූලික කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද වාර්තා වෙයි.
D.Unduoda