FAST NEWS

24×7 Around the Globe

දෙමළ නායකයන් තමන්ගේ පවුල් පසුබිම පමණක් ශක්තිමත් කර ගත්තා – ඇමති රිෂාඩ්

වන්නි දිස්ත්‍රිකයට එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ සහයෝගය පළ කීරාමේ අරමුණින් සංවිධානය කළ ජන හමුවක් පසුගියදා මන්නාරමේදි පැවැත්විණි.

එම ජනහමුවට සහභාගීවු එක්සත් ජාතික පෙරමුණේ වන්නි දිස්ත්‍රීක් කණ්ඩායම් නායක අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා දෙමළ දේශපාලන නායකයන් අසරණ දෙමළ ජනතාවගේ තත්වය තෙරුම් නොගෙන කටයුතු කරන බව පැවසීය.

එමෙන්ම දෙමළ නායකයන් දේශපාලනය මගින් සිය පවුල් පසුබිම පමණක් පමණක් ශක්තිමත් කර ගන්නා බවද ජන හමුව ඇමතු ඇමතිවරයා මෙහිදි අවධාරණය කර සිටියේය.

තමන් වෙත බලය ලැබුණු දා සිට මුස්ලිම් සිංහල දෙමළ යන බේදයකින් තොරව ජනතොවගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කල බවත් මෙවර මැතිවරණයෙන් ජයගත් පසු එම කාර්යය තමා විසින් වඩාත් ක්‍රමවත් ලෙස ජනතාව වෙත ඉටු කරන බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.