FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි දෙකක රන් බිස්කට් කටුනායකින් හමුවෙයි..

රුපියල් කෝටි දෙකකට ආසන්න රන් බිස්කට් 28 ක් කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළේය.
ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක් පිටුපස සඟවා තිබූ පාර්සලයක තිබී මෙම රන් බිස්කට් සොයා ගෙන තිබේ.
ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු විසින් එම පාර්සලය නිරීක්ෂණය කර රේගුව වෙත භාර දී ඇත.
එම රන් බිස්කට් දුම් වැටි අසුරණ තුළ බහා එම පාර්සලයේ අසුරා තිබූ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
DE සිල්වා