FAST NEWS

24×7 Around the Globe

බස් රථයක් පෙරලීමෙන් තිදෙනෙක් රෝහලේ..

අනුරාධපුරේ සිට කොළඹ බලා ගමන් ගනිමන් තිබූ බස් රථයක් මදුරන්කුලිය නගරයට ආසන්නයේදි ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී අද (20) උදෑසන සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් බස් රථයේ මගීන් කිසිවකුටත් බරපතල තුවාල නෙමැති බවත් ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවෙකු තුවාල ලබා තිබූ අතර පියාගේ තත්වය බරපතල බවත් මුන්දලම පොලීසිය පවසයි.
අනතුරින් පෙරළී ගොස් තිබූ බස් රථයේ ගමන් ගත් මගීන් බස් රථය ඇතුලේ සිරවී සිටියදී ප්‍රදේශවාසින් විසින් පිටතට ගෙන තිබුණි.
D.Undugoda