FAST NEWS

24×7 Around the Globe

ගාලු ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවට විජේදාස කියයි..

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් නොකරන බවත් එහි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් විජයදාස රාජපක්ෂ මහතා අද (20) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවත්වෙන විවාදයකට එක්වෙමින් සදහන් කළේය.
කොග්ගල ප්‍රදේශයේ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍ය සාගල රත්නායක සදහන්කර සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.
D.Undugoda