FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට වසර 05 සිර දඬුවම්..

රුපියල් 50,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවමක් හා රුපියල් දස දහසක දඩයක් ද නියම කෙරුණු අතර අල්ලස් වශයෙන් ලබාගත් මුදල දණ්ඩනයක් වශයෙන් අයකර ගන්නා මෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) නියම කළේය.
2012 වසරේ මැයි මස 16 වන දා කළුගල් ව්‍යාපාරිකයෙකු වෙත පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් 50, 000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් විත්තිකාර අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු පවරා තිබුණි.
DE සිල්වා