FAST NEWS

24×7 Around the Globe

අගමැති හා මංගල උතුරේ සංචාරයකට සූදානම් වෙයි..

ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් දියත් කරනු ලබන ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය පසුගිය 15 වනදා නිකවැරටිය , මඩත්තව වැව් තාවුල්ල ආසන්නයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ සම්බන්ධයෙන් උතුරේ ජනතාව දැනුවත් කිරීමට මේ මස 21 සහ 22 කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු යොදා ඇත.
එහිදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය ප්‍රදානය, ගංවතුරෙන් හා නියඟයෙන් වගා හානිවූ ගොවීන්ගේ ණය කපා හැරීම ඇතුළු වැඩසටහන් ගණනාවකටද ඔහුන් සහභාගී වනු ඇති.
මෙරට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් මහා භාණ්ඩාගාරය විසින් ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වෙයි.
D.Undugoda