FAST NEWS

24×7 Around the Globe

කොස්ගම අවි ගබඩාවේ පිපිරීමට හමුදා නිළධාරීන් 14 කට විනය පියවර…

කොස්ගම – සාලාව අවි ගබඩාව විනාශ වීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර ගැනීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා තීරණය කර ඇත.
මෙම පිපිරීම හේතුවෙන් ඒ ප්‍රදේශයේ අවට පිහිටි ව්‍යාපාරවලට රුපියල් මිලියන 11.5 ක පාඩුවක්‌ සිදු වී ඇති අතර අවි ගබඩාව විනාශ වීමෙන් රුපියල් බිලියන 1.28 ක පාඩුවක්‌ සිදුවී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මෙහිදී සිදුකරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ අවි ගබඩාවේ ගින්න මැඬපැවැත්වීම සඳහා එහි සිටි හමුදා නිලධාරින් ක්‍රියාකර නැති බවත්, ඒ වනවිට කාලතුවක්‌කු උණ්‌ඩ සහ මල්ටි බැරල් උණ්‌ඩ විශාල ප්‍රමාණයක්ද අසුරා තිබී ඇති බවත්ය.