FAST NEWS

24×7 Around the Globe

ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි..

ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රීඩා උපකරණ සහ උපාංග එම බද්දෙන් නිදහස් කිරීමට සංශෝධනයක් ඉදිරිපත් විය.
එසේම කපා ඔප දමා ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් ආනයනය කරන මැණික් බද්දෙන් නිදහස් කිරීමටද සංශෝධනයක් ඉදිරිපත් කෙරුණී.
මීට අමතරව කෘෂිකර්මාන්තයට උසස් තාක්ෂණය ලබාගැනීමට අවශ්‍ය උපකරණ බද්දෙන් නිදහස් කිරීමට සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන බද්දෙන් නිදහස් කිරීමටද සංශෝධන ඉදිරිපත් විය.
එසේම ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පතද ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.
DE සිල්වා