FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා පක්ෂ නායක රැස්විමක් කැඳවයි..

ඉදිරි මැතිවරණ පැවැත්වීම පිළිබඳව සකච්ඡා කිරිම සඳහා හෙට (20) දිනයේ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මැතිවරණ කල් යැම පිළිබඳව එක්‌ පක්‍ෂයකට පමණක්‌ චෝදනා කළ නොහැකි බවත් ඡන්ද කල් දමන ලෙස කිසිදු පක්‍ෂ නායකයකු තමන්ගෙන් ඉල්ලීමක්‌ කර නැති බවත් කථානායකවරයා මෙහිදි අවධාරණය කළේය.
ජනමත විචාරණයකින් තොරව ඡන්දය කල් දැමීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ ලබාදී තිබියදීත් ආණ්‌ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දැමීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
DE සිල්වා