FAST NEWS

24×7 Around the Globe

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ වෙයි…

පසුගිය දින කීපයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ඇතිවී තිබු ගැටළුවට අද (18) විසඳුම් ලැබීම නිසා යළිත් හෘද සැත්කම් කිරීම ආරම්භ කර ඇත.
හෘදශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රියවී ඇති මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ගැටළුවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉකුත් සදුදා හා අගහරුවාදා යන දිනවල හෘද සැත්කම් කිරීමෙන් ඉවත්ව සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අක්‍රීයවී ඇති මධ්‍යම වායු සමීකරණ පද්ධතිය වෙනුවට නව වායු සමීකරණ පද්ධතියක් සවි කිරීම සඳහා ටෙන්ඩර් කර සමාගමකට ලබාදී තිබුණි.
පසුව එම ගැටළුවට විසඳුමක් ලැබීම නිසා යළි හෘද සැත්කම් ආරම්භ කිරිමට තිරණය කළ බව විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසා සිටියේය.
D.Undugoda