FAST NEWS

24×7 Around the Globe

ජීවන් හා සනත් නිල වාහන බාරදී නෑ.

හිටපු තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාට ලබාදී තිබූ නිල වාහන මෙතෙක් බාරදී නැතැයි වාර්තා වේ.

එම අමාත්‍යාංශයේ ලේකම් ඒ.අබ්දුල් මජීඩ් මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතුවලට යාමට පෙර එහි නිලධාරීන් කැඳවා වහාම අදාළ වාහන ලබාගෙන රථවාහන අංගණයේ රඳවා තබන ලෙස උපදෙස්ද ලබාදී ඇත.