FAST NEWS

24×7 Around the Globe

2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඑල නිකුත් වෙයි..

2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඑල නිකුත් කළ බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
මේ අනුව එම ප්‍රතිඑල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් ලබා ගත හැකිය.
සියලුම පාසල් වෙත ප්‍රතිඑල ලේඛන අද (18) දින තැපැල් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අයදුම්කරුවන් එක් ලක්ෂ හැට නව දහස් හාරසිය දොලහක් අතරින් එක් ලක්ෂ පනස් අට දහස් අටසිය පහක් විභාගයට පෙනී සිට ඇති බවත් ඉන් එක් ලක්ෂ පනස් දහස් පස් දෙනෙකු විභාගය සමත් වී ඇති බව විභාග දෙපාර්තුම්න්තු නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE