FAST NEWS

24×7 Around the Globe

හිටපු පාර්ලිමේන්තු හිමිනමක් රක්ෂිත බන්ධනාගාරයට..

බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදෙශයේ විහාරාධිපති හිමි නමක්  ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වයස අවුරුදු 09ක් වන බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අදාළ හිමිනම ඊයේ (17) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය ලබාදී ඇත.
63 හැවිරිදි සැකකාර හිමිනම 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබේ.
D.Undugoda