FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළට අදාළ පෞද්ගලික පන්ති 31 වැනිදායින් පසු තහනම්..

2018 උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියෙන් පසු පෞද්ගලික පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වන හෙතෙම පැවසී.
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා ආරම්භ වී සැප්තැම්බර් පළමු වැනිදා අවසන් වන අතර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

DE සිල්වා