FAST NEWS

24×7 Around the Globe

මාලක සිල්වාට නීතිපති උපදෙස් ලැබී නැතැයි අධිකරණයට වාර්තා කරයි..

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියේ මේ වනතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට මේ පිළිබදව දැනුම් දුන්නේය.
සිද්ධියට සම්බන්ධ මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අධිකරණයේ පෙනීසිටියහ.
D.Undugoda