FAST NEWS

24×7 Around the Globe

කෝටි 03 කට ආසන්න ඇමෙරිකානු ඩොලර් තොගයක් රේගු දැලේ..

ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ලංකා මුදලින් මෙහි වටිනාකම රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් බව රේගුව පවසයි.
මෙම සැකකරුවන් අතර සිටින චීන ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 33 පසුවන අතර නේපාල ජාතිකයන් දෙදෙනා අවුරුදු 20 සහ 25 යන වයස් වල පසුවෙයි.
මෙම මුදල් තොගය මෙම සිව් දෙනා ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව සදහා පැමිණ , එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
D.Undugoda