FAST NEWS

24×7 Around the Globe

ජනපති ජෝර්ජීයාව බලා පිටත් වෙයි..

ඉතාලි සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝර්ජීයාව බලා පිටත්ව ගොස් ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
05 වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ ජොර්ජීයාව බලා පිටත්ව ඇති බවත් පැවසේ.
හෙතෙම ලබන 19 වැනිදා දක්වා ජොර්ජීයාවේ රැදි සිටිමට නියමීත බවත් පැවසේ.
ජනාධිපතිවරයා පසුගිය 14 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගියේ 06 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුවක් සඳහා සහභාගි විමටය.
DE සිල්වා