FAST NEWS

24×7 Around the Globe

අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 21කට එරෙහිව විනය පියවර..

අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 17 දෙනකුගේ පන්ති තහනම් කිරීමටත් හතර දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
අග්නදිග සරසවියේ කවුන්සිලයේ 214 වැනි රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව විශ්ව විද්‍යාලයේ නිසි බලධාරිනිය වන උමා කුමාරස්වාමි මහත්මිය ලිඛිතව දැනුම් දී ඇත.
මෙම කවුන්සිල රැස්වීම පසුගිය සෙනසුරාදා (14) පැවැති බව එම විශ්ව විද්‍යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගිය බදාදා (11) එම විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී එහි පළමු වසරේ සිසුන්ට නවක වදය දුන්නේයැයි කියමින් සිසුන්ට මෙම විනය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් සිසුන් ප්‍රකාශ කළේ තමන් පළමු වසර සිසුන්ට නවක වදය නොදු බවයි. මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවා නොතියා පාලනාධිකාරිය මෙම විනය පියවර ගෙන ඇති බව ද ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් පැවසීය.
තාක්ෂණ පීඨයේ පන්ති තහනම් කළ සිසුන් 17 දෙනා සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් හතර දෙනා අද (16) සවස 6.00 ට පෙර විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් පිට විය යුතු බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබේ.
D.Undugoda