FAST NEWS

24×7 Around the Globe

කෝටි 2 කට ආසන්න රන් බිස්කට් තොගයක් කටුනායකදී අල්ලයි…

ශ්‍රී ලංකා රේගුවට ලද තොරතුරක් මත රුපියල් එක් කෝටි අසූ පන් ලක්ෂ පන් දහසක් වටිනා රන් බිස්කට් 29 ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගනු ලැබීය.
කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය විසින් ශ්‍රී ලංකා රේගුවට මෙම තොරතුර ලබාදී ඇති අතර ඉන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.
මෙම සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් ඩුබායි සිට අද පෙරවරු 7.30 ට පමණ යූඑල් – 226 දරණ ශ්‍රීලංකන් එයාර් ලයින් ගුවන් යානයකින් පැමිණ තිබේ.
D.Undugoda

gold0