FAST NEWS

24×7 Around the Globe

MH370 යානයේ සුන්බුන් මාලදිවයිනෙත් !!!

මාලදිවයින වෙත ගොඩගසා ඇති සුන්බුන් කොටස MH370 යානයේ කොටසක් දැයි පරීක්ෂා කිරීම සඳහා විශේෂඥයන් පිරිසක් එරටට යැවූ බව මැලේසියාව කියයි.

මාලදිවයින් පුවත්පතක මෙවැනි සොයාගැනීමක් පිළිබඳ ඡායාරූප සහිත ප්‍රවෘත්තියක් පළවීමත් සමග අතුරුදන් ගුවන් යානය පිළිබඳව මාලදිවයින තුළද උනන්දුවක් ඇති වී තිබේ.

මේ අතර, මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ කොටස අතුරුදන් යානයේ කොටසක් යැයි ප්‍රකාශ කිරීමට තවම ඉක්මන් වැඩි බවයි.

පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය වසරේ මාර්තු 8 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ පියාපත් කොටසක් පසුගිය මසදී රියූනියන් දූපතෙන් හමුවීමත් සමග ලොවටම අභිරහසක් වූ MH370 පිළිබඳ යළි බලාපොරොත්තුවක් ඇති විය.