FAST NEWS

24×7 Around the Globe

කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගොඩබස්වයි..

අද (16) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද අලුයම පැවති අධික වැසි සහිත කාළගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රකාශ කළේය .
ඒ අනුව ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 226 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 4.35 ට ගොඩ බැස්සවීමට පැමිණියත් පැවති වැසි සහිත කාලගුණය නිසා මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50 ට ගොඩබස්වා තිබේ .
ඊට අමතරව ඉන්දියාවේ මුම්බායි සිට අලුයම 5.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 142 දරන ගුවන් යානය ද පැවති අයහපත් කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත අලුයම 6.00 ට ගොඩ බස්වා තිබුණි.
පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව පෙරවරු 7.20 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි .
කෙසේ වෙතත් මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මෙම ගුවන් යානා තුළින් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා නොතිබුණි.
D.Undugoda