FAST NEWS

24×7 Around the Globe

ජනපති අද ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ විශේෂ දේශනය අමතයි..

මේ දිනවල ඉතාලියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙම සමුළුව සංවිධානය කරනු ලබන අතර තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වනාන්තරවලට ලබාදිය හැකි දායකත්වය පිලිබඳ විමසා බැලීම මෙම සමුළුවේ අරමුණයි.
මෙම සමුළුවෙන් අනතුරුව විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව සඳහා සහභාගිවන ජනාධිපතිවරයා හෙට (17) ජෝර්ජියාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමටද නියමිතය.
D.Undugoda