FAST NEWS

24×7 Around the Globe

නිරත දිග කොටසේ වැසි වැඩි වෙයි – සුළං තවදුරටත්..

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දින වල දීත් තව දුරටත් පවතින බවත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩිවිමක් ද ඉදිරි දින වලදී (ජුලි මස 17 දින දක්වා) ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (16) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනඅතර සමහර ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවද එහි සඳහන් වෙයි.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා