FAST NEWS

24×7 Around the Globe

නව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) සිට ක්‍රියාත්මකයි..

වැරදි 33ක් ඇතුළත් වන නව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
මීට පෙර පැවති දඩ පත්‍රිකාවේ වැරදි 23ක් පැවති අතර එහි ඇතුළත්ව තිබූ වැරදි තුනක් නව දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇති බවද එ මහතා පෙන්වා දෙයි.
එසේම මේ දක්වා රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම සහ රියැදුරු බලපත්‍රයක් නැති අයකු රිය පැදවීමට යෙදවීම යන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් නියම කිරීම වෙනුවට ඍජුවම අධිකරණයට යොමු කිරීමට කටයුතු සලසා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර නව ස්ථානීය දඩ පත්‍රිකාවට අනුව අවම දඩය රුපියල් 500 දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩා දුරටත් සඳහන් කළේය.

De සිල්වා