FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ වෘත්තීය සංගම් 26 වර්ජනයකට යයි..

දේශපාලන පළිගැනීම් සහන මත නුසුදුස්‌සන්ට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ උසස්‌වීම් ලබාදී ඇති බවත් ඊට එරෙහිව ලබන 26 වැනිදා යළි වැඩවර්ජනයක්‌ පැවැත්වීමට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සියලු වෘත්තීය සංගම් තීරණය කළ බවත් එම වෘත්තීය සංගම් සඳහන් කරයි.
ඒ අනුව අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති, ගුරු යන සේවාවන්හි වෘත්තීය සංගම්වලට අයත් සියලු සාමාජිකයන් අසනීප නිවාඩු මත එදිනට සේවයට වාර්තා නොකරන බම එම සංගම් කියයි.
මෙම ක්‍රියාමාර්ගයෙන් පසුවත් උසස්‌වීම් ලබාදීම නතර නොකරන්නේ නම් ලබන මස පැවැත්වෙන ශිෂ්‍යත්ව හා උසස්‌ පෙළ විභාගයන්හි රාජකාරී වර්ජනය කිරීමට ද සිය වෘත්තීය සංගම් තීරණය කර ඇති බවද කියයි.
De සිල්වා