FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත පරදා බෙල්ජියම තෙවැනි ස්ථානය දිනා ගනියි..

රුසියාවේ පැවත්වෙන 2018 ෆිපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනිම සඳහා අද (14) පැවති තරගය ගෝල 2-0 ලෙස ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කල බෙල්ජියම් කණ්ඩායම සමත් විය.
තරගයේ 04 වැනි මිනිත්තුවේ සහ තරගයේ 82 වැනි,මින්ත්තු වලදි බෙල්ජියම ගෝල වාර්තා කිරිමට සමත් වු අතරට එංගලන්තයට කිසිදු ගෝලයක් වාර්තා නොකළේය.
බෙලිජියම මින් පෙර 1984 වර්ෂයේදි ලෝකකුසලාන පාපන්දු තරගාවලිය යටතේ සිව්වන ස්ථානයට පත්ව ඇති අතර තෙවන ස්ථානය ලැබු ප්‍රථම වතාව මෙය වෙයි.
අවසන් මහා තරගය හෙට (15) ප්‍රංශය හා ක්‍රොඒෂියාව අතර පැවැත්විමට නියමීතය.
De සිල්වා