FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම ගැන මානව හිමිකම් ජනපතිට ලියයි..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් සිය කොමිෂන් සභාවේ මතය ජනාධිපතිවරයා වෙත යවමින් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කර ඇත්තේ මරණ දඬුවම යනු ලෝකයේ තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් බවතින දණ්ඩන ක්‍රමයක් බවයි.
සම්පුර්ණ ලිපිය පහතින්..
De සිල්වා