FAST NEWS

24×7 Around the Globe

පළාත් සභ⁣ මැතිවරණය මෙම වසරේ පැවැත්විමට නොහැකියි !!!

කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කළ යුතු වුවද එම කමිටුවද මෙතෙක් පත්කර නොමැති විමත් එක් හේතුවක් වන බම ආරංචිමාර්ග කියයි.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් රජයට දැනුම් දී ඇති බවත් පැරණි ක්‍රමයට පැවැත්වීමට නම්, 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බහුතර බලයකින් සම්මත කළ යුතු බව එම ආරංචි මාර්ග කියයි.
De සිල්වා