FAST NEWS

24×7 Around the Globe

“ආයුර්වේද එක්ෆෝ 2018” ඇරඹෙයි..

“ආයුර්වේද එක්ෆෝ 2018″ ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය  සහ සම්මන්ත්‍රණය” සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සමාජ සුබ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද 13 ආරම්භ කෙරුණි.
දේශීය හෙළ වෙදකමේ අසිරිය විදහා දැක්වෙන මෙම ප්‍රදර්ශනය 13 දා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනය කුටි දෙසීයකට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.
පාරම්පරික නිල වෙදකම, කැඩුම් බිඳුම්, සර්ප විෂ වෙදකම, පාරම්පරික වී වර්ග, දේශීය අල වර්ග, ස්වභාවික ඔසු, ආයුර්වේද ඖෂධ, ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙමින් ප්‍රදර්ශනය පැවැත්වේ. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, ද ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, සමාජ සුබ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, යටතේ ඇති ආයතනවල සහයෝගිතාවයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද ඖෂධ සංස්ථාව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතන, ඇතුළු ආයතන රැසක් ප්‍රදර්ශන කුටි එක් කර තිබේ.
DE සිල්වා