FAST NEWS

24×7 Around the Globe

මහානාම සහ දිසානායක යළි රිමාන්ඩ්..

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතාව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් කොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණී.
DE සිල්වා