FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04ක්..

ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වී ඇත.
ඊයේ (12) දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි තායි අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති නිල හමුවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙහිදී ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ රටවල් ලෙස දෙරට අතර පවතින සබඳතා අගය කළ නායකයින් එම සබඳතා සෑම ක්ෂේත‍්‍රයකින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකර ඇත.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සබදතා මේ වන විට සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී තිබෙන අතර, ඒ පිළිබඳ සිය සතුට පළ කළ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ පරතරය අඩුකර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බවට ද අග‍්‍රාමාත්‍යවරයා සහතික වී ඇති අතර දෙරටේ බෞද්ධ උරුමය ලොවට ගෙනයාම සඳහා ඒකාබද්ධ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.
ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව නායකයින් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය.
D.Undugoda