FAST NEWS

24×7 Around the Globe

විජයකලාගේ දෙමළ ප්‍රකාශය සිංහලයට පරිවර්තනය කරන්නැයි නියෝගයක්..

කොටි සංවිධානය යළි අවශ්‍ය බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.
එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ පට මාධ්‍ය ආයතන වලින් ලබාගෙන ඒවා දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කෙරුණී.
DE සිල්වා