FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත අගමැති හා ශ්‍රී ලංකා අගමැති හමුවේ..

ශ්‍රී ලංකාවේ දින 02 ක නිල සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
තායි අගමැතිවරයා හා ශ්‍රී ලංකා අගමැතිවරයා අතර මෙම හමුව සිදුවූයේ අරලියගහ මන්දිරයේදීයි.
තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නිල පිළිගැනිමේ උත්සවයක් ඊයේ (12) පස්වරුවේ කොටුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත් වූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉතාමත් උණුසුම් ලෙස තායි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.
අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය, ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන්වහන්සේලා වැඳ පුදා ගැනිමට නියමිතව ඇත.
D.Undugoda

thayi1

thayi4