FAST NEWS

24×7 Around the Globe

“පොදු ජන රළ” හෙට (14) ඇරඹෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට (14) උතුරු මැද පළාතෙන් ආරම්භ කෙරෙන බව එම පෙරමුණ පවසයි.
“ආණ්ඩු විරෝධයේ ජාතික හටන” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙයි.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය, පොළොන්නරුව සහ මින්නේරිය යන ආසනවලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, කැකිරාව සහ මිහින්තලය යන ආසනවලත් මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බව එම පෙරමුණ සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයෙන් හෙට පෙ.ව. 9.30ට ආරම්භ වන සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වන අතර බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරු මෙම සම්මන්ත්‍රණයේ කථිකයන් ලෙස සහභාගි වන බවත් පැවසෙයි.
DE සිල්වා