FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදනවල මිල සඳුදා (16) සිට ඉහළට..

සියලු බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (16) සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් මිල වරින්වර ඉහළ පහළ යාම ආදි විවිධ හේතු මත සියලු බේකරි නිෂ්පාදනවල නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවත්, එම නිසා මේ ආකාරයෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කළ බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් බේකරි නිෂ්පාදනවල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේද යන්න මතෛක් තීරණය කර නැති අතර ලබන සෙනසුරාදා (14) වන විට ඒ පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන බවත් බොහෝ දුරට එය රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් එම නිෂ්පාදනවල මිල ඉහළ යාමට ඉඩ ඇති බවත් සභාපතිවරයා පැවසීය.
DE සිල්වා