FAST NEWS

24×7 Around the Globe

කැලණිය ඇතුළු ප්‍රදේශ කිහිපයට පැය 09 ක ජල කප්පාදුවක්..

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 15 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 09 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව, ජතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඒ අනූව කැලණිය, පෑලියගොඩ, වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, බියගම, මහර, දොම්පේ, ජා – ඇල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, කටුනායක/ සීදූව, ගම්පහ යන ප්‍රදේශ කිහිපයකට මේ අනූව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
DE සිල්වා