FAST NEWS

24×7 Around the Globe

හමුදා කෝප්‍රල්වරයාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..

පසුගිය 25 වනදා යුද හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයකු සතුව තිබී ටී 56 ගිනි අවිය හා උණ්ඩ 14 සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සදහන් කරයි.
 වෙඩි තැබීම සිදුවූයේ රත්මලාන – චක්කින්දාරාම ප්‍රදේශයේදී යුද හමුදා ලුතිනන් කර්නල්වවරියකගේ නිවසක් අසල සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙකුටයි.
වෙඩි තැබීමට  යොදා ගත් යතුරුපැදිය තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ දී හා ඔත්තු බැලීමට පැමිණි ත්‍රිරෝද රථය හෝකන්දර දී පුද්ගලයකු  ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් වෙඩි තැබීම සිදුවූ ආකාරය අසල නිවසක තිබූ CCTV කැමරාවක පටිගත වී තිබුණි.
D.Undugoda